ඔබේ PC Speaker සෙට් එකෙන් Pen drive සම්බන්ද කල හැකි MP3 Player ක් -2 7

lk media | 11/15/2010 09:47:00 AM |

සමාවෙන්න ඕන ගොඩක් දවස් ගියාට මේ පෝස්ට් එක් දාන්න. මට ටිකක් බිසි වුණා ඒ මදිවට මගේ නෙට් සම්බන්ධතාවය කපලා. බිල වැඩි කියලා. ඒ හින්දා තමා මට මේ පෝස්ට් එක දාන්න කල්ගියේ. කැපේ එකකින්වත් දාන්න හිතාන තොරතුරු ටික එකතුකරලා ඔන්න දැන් මම එක දානවා. 
මෙහෙමයි මේ සිදදිය කරන්නේ බොහොම ලේසි වැඩක්.ඔයාල දැනටමත් ස්පීකර් සෙට් එකක් එහෙම හොයාගෙන ඇතිනේ. මේ වැඩේට තව පොඩි ගැජට් එකක් ඔයාලට සපයගන්න වෙනවා. මේ ගැජට් එක තමා පෙන් ඩ්‍රයිව් එකේ තියන දත්ත Audio ආකාරයට පරිවර්තනය කරලා දෙන්නේ. මේ ගැජට් එක කොළඹ ආසන්න අයටනම් පහසුවෙන් හොයාගන්න පුළුවන් කොටුව පැත්තට ගියාම. කොළඹින් පිට අයට ගන්න පහසුම ක්‍රමයත් කොටුවට ගිහින් ගන්න එක තමා. මොකද තාම මේ ගැජට් එක කොළඹින් පිට වෙළදසැල් වල හොයාගන්න අමාරුයි.අළුත් අළුත් ගැජට් ගැන උණ තියන සමහර ඉලෙක්ට්‍රොණික් වෙලෙන්දෝ ගාව තමා කොළඹීන් පිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මමත් ගත්තේ එහෙම එක්කෙනෙක්ගෙන් තමා. මේ ගැජට් එකතමා USB-032B කියලා කියන්නේ. MP3 මොඩියුලේටර් කියලත් හදුන්වනවා. MP3 Decoder Board වගේ නම් වලින් සමහරු හදුන්වනවා.(මේකේ නිවැරදිම නම දන්නවනම් ඒකත් කමෙනට් එකක් දාන්න)

 
මේ තියෙන්නේ සර්කිට් එකේ පැතිදෙකේ පෙනුම පහල තියෙන්නේ මේ සමග දෙන දුරස්ථපාලකය සහ අනෙකුත් කනෙක්ටර්ස් . මේ සෑම කොටසක්ම අවසන් රූපය දෙස බලා නිවැරදිව සර්කිට් බෝඩ් එකට සම්බන්ධ කරගන්න.(බොහෝ විට ඔබට වෙළදපලෙන් ලැබෙන්නේ මෙම සියල්ල සම්බන්ධ කල එකකි) ඔබේ ස්පීකර් සෙට් එකේ Amp කොටස ඇති බපලය ගලවා එහි සර්කිට් කොටස විවෘත කරගන්න.

දුරස්ථපාලකය

පෙන් ඩ්‍රයිව් සම්බන්ධකය
විදුලි සපයනය සදහා වයර්
මේ සදහා 5V විදුලියක් ලබා දිය යුතු වේ. බපලයට සපයන විදුලියෙන්ම මේ සදහා විදුලිය ලබා දීමට හැකිනම් වඩා සුදුසුයි. ඒ සදහා බපලයට සපයන විදුලි ප්‍රමාණය 5V දක්වා අඩු කල හැකි ක්‍රමයක් ඔබ සකස් කරගත යුතුයි. ඒ පිළිබද දැනුම ඔබට නොමැතිනම් ඒ සදහා දැනුමැති අයකුගේ උදව් ලබා ගැනීම සුදුසුයි. මොකද මේ උපකරණය සියුම් උපකරණයක් නිසා නිවැරදිව 5V විදුලි ප්‍රමාණයක් ලබා දීම ‍වඩා ‍හොදයි. එය එතරම් අපහසු කාර්යක් නෙමෙයි. රෙක්ටිපයර් හෝ රෙසිස්ටර් යොදාගෙන කරන්න පුළුවන්. (මෙහි ඔබට බොහෝ විට ලැබෙනුයේ නිල් සහ රතු වයර් දෙකක්.අප ධන අග්‍රය ලෙස රතු භාවිතා කළත් මෙහිදී මට ලැබුනේ රතු වයරය සෘණ අග්‍රය ලෙස යෙදූ වයර්. මේ නිසා ඔබ නිවැරදිව ධන,සෘණ වයර් හදුනාගෙන සම්බන්ධකිරීම් කරන්න.සර්කිට් එකේ සම්බන්ධක අසල ප්‍රින්ට් කර තිබෙන අකුරැ හොදින් බලන්න.)
දුරස්ථපාලකයේ සෙන්සරය සහ ශබ්ධ පිටකරන සමබන්ධක වයර් 
මෙහි දුඹුරු රතු කළු වයර් Audio out වන අතර රතු වයරය පොදු අග්‍රය හෙවත් සෘණ අග්‍රය ලෙස ගන්න.( ඔබ ලබාගන්නා සර්කිට් එකේ වෙනස් පාට වයර් තිබෙන්නට පුළුවන එසේ වුව හොත් අවසන් රූපයේ පරිදි වයරය සම්බන්ධ වන ස්ථානය බලා පාට ගලපන්න.) මෙම වයර් සම්බන්ධ කල යුතු වන්නේ ස්පීකර් සෙට් එකේ Audio in වයර් වෙතටයි. ස්පීකර් සෙට් එකේ මෙම ස්ථාන ඔබට හදුනා ගැනීමට අපහසු වන්නේ නෑ.

සියළු සම්බන්ධක වයර් සම්බන්ධ කල විට
මේ ආකාරයෙන් ඔබ විදුලිය හා Audi out  Out අග්‍ර සියල්ල නිවැරදිව සම්බන්ධ කලේ නම් දුරස්ථපාලකය සදහා වන සෙන්සරය පිටතට විවෘත වන ආකාරයෙන් බපලයේ කුඩා සිදුරක් සාදා ඇතුලතින් සවි කරගන්න. පෙන්ඩ්‍රයිව් සම්බන්ධකිරීම සදහා එම ‍සොකටයද බපලය සිදුරු කර සුදුසු ලෙස සවි කරන්න. ඔබගේ බපලය මෙසේ සිදුරු කිරීමට ඔබ අකමැතිනම් ‍පිටතින් මෙම උපාංග කොටස් ටික වෙනම BOX  එකක සවි කර ගැනීමටද හැකියාව ඇත. තවද මෙහි SD Memory card සවි කිරීමේ පහසුකම් සහ තවත් පහසුකම් ඇති අතර එම කොටස් ඔබේ නිර්මාණාත්මක හැකියාව අනුව භාවිතයට ගන්න. වැඩේ කරලා හොද නරක මටත් කියන්ඩ     එෙහ‍නම්...............




7 Responses So Far:

චමිත් said...

යාළුවා ගොඩක් පරන ගැජට් එකක් නේ ඔක
මම ඔක අරගෙන අවුරැද්දක් විතර වෙනවා. කොළඹින් තමයි ගත්තේ මම ඹවායි 6 ක ක් විතර හැදුවා මගේ වාහනෙත් තියෙන්නේ ඹයින් එකක්. එකනම් තවම වැඩ . ගොඩක් වෙලාවට ඹකේ පිච්චෙන්නේ FM Modulator කෙටස MP3 Decoder කොටසට නම් අවුලක්වෙන්නේ නැහැ. හැබැයි හරියටම 5v (regulated) දෙන්නම ඹනේ. නැත්තම් බඩුම තමයි.

lk media said...

ඔව් යාළුවා මේක කලින් අවා වහන වලට සෙට් කරන ගැජට් එකක් විදිහට. එක අවේ හැබැයි වාහනේ තියන රේඩියෝවෙන් අහන්න පුළුවන් විදිහට ට්‍රාන්ස්මීටරයක් එක්ක. මම මේක දැම්මේ අලුත් විදිහට මේ ගැජට් එක් පාවිච්චි කරන්නයි. කොහොමත් මේ ගැන දන්න අයට වඩා නොදන්න අය අඩුයි මම හිතන්නේ.ස්තුතියි කමෙන්ට් එකට...

Roshan said...

මේ ගැජට් එක කීයක් වෙනවද?
රූපයේ පෙන්නපු විදියට අපිට හදාගන්න වෙනවද? කෙලින්ම Sub Woofer එකට ගහන්න පුලුවන් විදිහෙ එකක් නැද්ද?
කොළඹ ගන්න තියෙන තැනක් හරියටම කියනවද?

lk media said...

මේ ගැජට් එක ඔයාට කොටුවේ තියන ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුළුවන්. මේ පෙන්නලා තියන සර්කිට් එක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ ඔයාට වයර් කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. රු 850ක් වගේ මිලක් වෙයි කොටුවෙන්. මම ගත්තේනම් රු 900 කට.Sub Woofer එකට ඔයාට එලියෙන් සෙට් කරන්න ඕනනම් වෙනම බොක්ස් එකකට සෙට් කරලා Sub Woofer ට in කරන්න. හැබැයි එතකොට එයාට වෙනම විදුලිය දෙන්න වෙනව‍මෛ් ගැජටි එකට.

damithra (Dr.a__Jax) said...

USB-032B MP3 Decoder Board
kiyla tama gotak tan wala tiyne
mata meka hariyatama gana pluwan tanaka kiyanwada??

damithra (Dr.a__Jax) said...

hey mata sory wena oni singlih walin typ karata
mama moka tikak witra wans karana podi adahask danam

http://anarchy.translocal.jp/radio/micro/howtosimplestTX.html

FM transmitter eken pulwn ape redio ekata meka hada gana

udelmabie said...

Spinning The Handle - Titanium Wedding Ring
titanium trim walmart spinning-the-handle › spinning-the-handle This stylish ring features a standard diamond pattern with a titanium nipple jewelry ring design that's similar to that sia titanium of a custom titanium price per pound ring. Made in China, the ring is constructed from standard stainless steel. Rating: 5 1 titanium gr 2 review $52.00 In stock