අද මම කියන්න යන්නේ අපට ඉතාමත් වැදගත් සේවාවක් ලබා දෙන සයිට් එකක් ගැනයි. සමහරුනම් දන්නවා මේ සයිට් එක.ඒත් හැමෝම දන්නෑනේ. ඔන්න ඒ ගැන නොදන්නා අයට පොඩි උදව්වක් කරන්නම්. තාම කිව්වේ නෑනේ මොකක්ද මේ මහලොකු වැඩේ කියලා නේද.
හොදයි මේකයි වැඩේ. ගොඩක් වෙලාවට අපි මේල් කරදදි 50Kb-15Mb වගේ file තමා මේල් කරන්නේ. ගූගල් යාහු වගේ මේල් වල අපට දෙන්නෙත් මම දන්න තරමින් 20-25Mb වගේ file විතරයි මේල් කරන්න. සමහර වෙලාවට ලොකු ලොකු මේල් යවන්න ඕන වෙන ලොකු ලොකු පොරවල් ඉන්නවනේ. ඒ අයට මේ සයිට් එක මරු හොදේ. මටත් හදිස්සියේ ඔය වගේ ලොකු වීඩියෝ file වගයක් යවන්න ඔන වෙලා එහෙ මෙහෙ දුවද්දි තමා මේ සයිට් එක හම්බුණේ. කලින් මම මේ සයිට් එක පාවිච්චි කරලා තිබුණත් සයිට් එක මතක තිබුනේ නෑ. විශේෂයෙන් මේ ගැන නැවත මතක් කරලා දුන්න Saman Rathnayake යාලුවට ස්තුති කරන්න ඕන.
හරි දැන්වත් සයිට් එක කියමුකෝ. පහත රූපය ඔබන්නකෝ.එකෙන් ඔයාලට පුළුවන් කිව්ව සයිට් එකට යන්න.

අප්ලෝඩ් වුණාට පස්සේ දෙන්නටම මේල් 2ක් එනවා. file එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් ඒකේ තියනවා.
හැබැයි මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ 10 දෙනෙකුට හෝ 10 වතාවක් විතරයි. ඒ වගේම මට මතකයේ හැටියට දින 2-3 වගේ කාලයකට කලින් file ඩවුන්ලෝඩ් කරගත යුතුයි.
ඒ කිවුවේ මේ සයිට් එකෙන් ඔයාලට නොමිලේ මේල් කරන්න පුළුවන් ආකාරයයි. මීට වඩා පහසුකම් අවශ්‍යනම් ඔයාලට මේ සයිට් එකේ මුදල් ගෙවලා හොද ගිණුමක් හදාගන්නත් පුළුවන් ඒවා වැඩි වැඩ නේද.
වැඩේ හොදනම් දාලා යන්නකෝ කමෙන්ට් එකක්......................
2 Responses So Far:
good...
i like it. friv 2